Gossips

මන්ත්‍රී නාමල්ට කාශ්මීරයෙන් ඇරයුමක්

කාශ්මීර් ප්‍රාන්ත කාන්තා රග්බි කණ්ඩායමේ පුහුණුකරු තනතුරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර ගැනීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.
නාමල් රාජපක්ෂගෙන් මේ පිළිබඳ කාශ්මීර රග්බි බලධාරීන් විමසීම් කර ඇතැයි සඳහන්.
මෙම ඇරයුම පිළිබඳ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සුදානම් බවයි.
ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු නායකයෙකු ද වන නාමල් රාජපක්ෂ හින්දු පුවත්පතට මේ පිළිබඳ අදහස් දක්වා ඇති අතර සිය ට්විටර් ගිණුමේ ද සටහනක් තබා තිබෙනවා.
ජම්මු කාශ්මීර මහ ඇමතිනිය ද නාමල් රාජපක්ෂගේ ට්විටර් පණිවුඩයට ප්‍රතිචාර දක්වමින් සිය ස්තුතිය පළකර ට්විටර් සටහනක් තබා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවෙන් තම කණ්ඩායමට ඉගෙන ගැනීමට කරුණු රැසක් ඇතැයි විශ්වාස කරන බවයි ඇය සඳහන් කර ඇත්තේ.
නාමල් රාජපක්ෂ ලබන මැයි මාසයේදී සිය පුහුණුකරුවන් සමග ජම්මු කාශ්මීර් ප්‍රාන්තය බලා යාමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.