Gossips

මන්ත්‍රී නාමල්ට එරෙහි නඩුව කල් යයි

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය ජූනි මස 7 වනදාට කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
ඒ අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගම හරහා විශුද්ධිකරණය කළේ යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන්.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගි වීමට ඇති බැවින් නඩු විභාගය කල් තැබීමට මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි තීරණය කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුල සිට අධිකරණය මඟ හරිමින් සිටි ඉන්දික කරුණාජීව යන අය අත්අඩංගුවට ගැනීමට අන්තර් ජාතික පොලිසිය හරහා විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර කටයුතු කර තිබුණා.