බැදුම්කර වංචාවේ චෙක්පත් මාරු කිරීම පිළිබදව විමර්ශන සිදුකිරීමෙන් පසුව නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තා පිළිබද පරීක්ෂණ සිදුකරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.
ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පෙරමුණ අද කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
