Gossips

මන්ත්‍රී නාමල්ගෙන් බහුතරය ගැන ප්‍රකාශයක්

පාර්ලිමේන්තුවේ උද්ගතවූ අර්බුදකාරී වාතාවරණයට හේතුව කථානායකවරයාගේ කියාකලාපය බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඒ අද පස්වරුවේ ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමට පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර එහිදී මාධ්‍යවේදීන් හමුවේ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තු බහුතරය පෙන්වීමට ආණ්ඩු පක්ෂය සූදානම් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ.