Gossips

මන්ත්‍රී ධුර ගැන තර්ක පදනම් විරහිතයි – මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයට පත් වීම සම්බන්ධයෙන් සහ විපක්ෂය නියෝජනය කරන සන්ධාන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් ඉදිරිපත් වන තර්ක පදනම් විරහිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
එම මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ප්‍රකාශ කළේ පුළුල් සන්ධානයක් යටතේ ඉදිරි මැතිවරණ සදහා මුහුණදීමට විපක්ෂය සූදානම් බවයි.