Gossips

මන්ත්‍රී දිලුම්ගේ ජංගම දුරකථනය ලබාදෙන්නැයි නියෝගයක්

ත්‍රස්ත විමර්ශන අංශය භාරයට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගමගේ ජංගම දුරකථනය යළි ඔහුට ලබාදෙන ලෙස තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්.එච්.ෆරික්ඞීන් අද නියෝග කළා.
මෝසමක් මාර්ගයෙන් මන්ත්‍රීවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව ජංගම දුරකතනය ඔහුට ලබාදෙන ලෙසයි මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ නඩු භාණ්ඩ භාරකරුට නියෝග කළේ.
මහනුවර පසුගියදා ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා පසුගිය 15 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම ත්‍රස්ත විමර්ශන අංශයට පැමිණි අතර එම අවස්ථාවේදී ඔහුගේ ජංගම දුරකථනය පොලිස් භාරයට ගැණුනා.