Gossips

මන්ත්‍රී ජොන්ස්ටන් සිරගත කිරීමට අදාළ හඬ පටයක් ගැන පැමිණිලි

තමන්ට ඇප ලබාදීමට එරෙහිව කුරුණෑගල මහාධිකරණය සහ අභියාචනාධිකරණය ලබාදුන් නියෝග අවලංගු කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ගොනුකළ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.
ඒ, ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.බී.දෙහිදෙනිය සහ මූර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ එය සලකා බැලූණු අවස්ථාවේදීයි.
ඒ අනුව මෙම පෙත්සම ලබන 18 වැනිදා විභාගයට ගැනෙනු ඇති.
මේ අතර, සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සිරගත කර තිබීමට අදාළව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් දෙදෙනෙකු කළ සාකච්ඡාවක හඬ පටයක් සම්බන්ධයෙන්, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද පොලිස් කොමිසමට පැමිණිලි කළා.