Gossips

මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කරයි

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
2013 වසරේදී සතොස ආයතනයේ සිදුකළ බව කියන මුදල් අවභාවිතයක් සම්බන්යෙන් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබු නඩුවක් කුරුණෑගල මහාධිකරණය හමුවේ අද (03) කැඳවූ අවස්ථාවේ අධිකරණය මෙම නියෝගය ලබා දී තිබෙනවා.
නඩුව විභාගයට ගත් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය එහිදී නියෝග කළේ මෙම නඩුව විභාගයට ගෙන අවසන් වන තෙක් විත්තිකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙසයි.