පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මීට පෙර ඔහු අමාත්‍ය ධුරය දැරූ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යාලයට පැමිණ අද එහි රැදී සිට තිබෙනවා.
එම අමාත්‍යාංශය පිහිටා ඇත්තේ බත්තරමුල්ල – සුහුරුපායේ 18 වන මහලේයි.
ඊට අදාළ ඡායාරූප පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින්ම සමාජ මාධ්‍ය වෙත යොමු කර තිබුණා.
මේ අතර, හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වත්මන් රජයට එක්වී සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා ගැනීමේ සූදානමක් පවතින බවට ලද තොරතුරක් මත පදනම්ව නාවලපිටිය මූලික රෝහලේ වෛද්‍යවරුන් අද දහවල් කෑම පැයේ විරෝධතාවක නිරත වුණා.
රෝහල ඉදිරිපිට පැවති මෙම විරෝධතාවයේදී ඔවුන් ඉල්ලා සිටියේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වත්මන් රජයට සම්බන්ධ වන්නේ නම් ඔහුට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා නොදෙන ලෙසයි.
