Gossips

මන්ත්‍රී චමල් රාජපක්ෂට ඇඹිලිපිටියේදී විරෝධයක්

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාට අද ඇඹිලිපිටිය ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය එල්ල වුණා.
ඒල එම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව සිදුකිරීමට නොහැකි බව පවසමින්.
ඇඹිලිපිටිය – හීන්දළුක්ඉන්න – වනවාස නාග මහා විහාරස්ථානයේ අද පැවැත්වීමට නියමිතව තිබූ ආගමික උත්සවයට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට නියමිතව තිබුණද ඒ සඳහා හිටපු ජනාධිපතිවරයා නොපැමිණි අතර, ඊට සහභාගී වූයේ හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී
චමල් රාජපක්ෂ මහතා සහ සබරගමුව පළාත් සභාවේ කංචන ජයරත්න මහතායි.
විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය සහ ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ශාඛාවක් රෝපණය කිරීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත්ල ප්‍ර දේශවාසීන් ඊට ඉඩ ලබා නොදුන් අතර, පුද්ගලයින් දෙදෙනෙකු ගසක් මට නැගීවිරෝධය පළ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව මෙම ආගමික කටයුතු සිදුකිරීමට නොහැකි බව පවසමින්.
මෙහිදී සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කංචන ජයරත්න මහතා හිටපු ජනාධිපතිවරයා සමග පැමිණ අදාළ ආගමික කටයුතු සිදුකිරීමට එකඟ වීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටත්ව ගියා.