Gossips

මන්ත්‍රී චන්දිම වීරක්කොඩි උද්ඝෝෂණයකට මැදිවෙයි

මියයන තුරුම අග්‍රහාර රක්ෂණය ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ සංගමය අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුණා.
එමනිසා පීඩාවට පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පොලිසියට දෝෂාරෝපණය කළේ මාර්ගයේ අවහිරතා ඉවත් නොකළ බවට චෝදනා කරමින්.
රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ උද්ඝෝෂණය නිසා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් පැවතියා.