Gossips

මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ විරෝධතාවය අවසන් කරයි

නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කරන ලෙසට ඉල්ලා මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ ආරම්භ කළ විරෝධතාව අවසන් කර තිබෙනවා.
නාවලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට මාර්ගයේ අලුයම 5 සිට පැවැත්වු විරෝධතාව පස්වරු 2 ට පමණ අවසන් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම් ටී ඒ මුතාලිෆ්, ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සහ පොලිස් ස්ථානාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසු ඇතිවු එකගතාවකින් අනතුරුව මන්ත්‍රීවරයා විරෝධතාව අවසන් කර තිබෙනවා.
මෙම විරෝධතාව හේතුවෙන් නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයට ද බාධා මතුව තිබු අතර මේ වන විට එය යථා තත්වයට පත්වී තිබෙනවා.