Gossips

මන්ත්‍රී අරුන්දිකගේ නිවසට බීමතින් ඇතුලූවූ ඇමති රාධක්‍රිෂ්ණන්ගේ රියදුරු අත්අඩංගුවට

මාදිවෙල මන්ත්‍රිී නිල නිවාස සංකීර්ණයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ නිවසට අද අලූයම බීමත්ව ඇතුලූවූ රාජ්‍ය අමාත්‍ය වී. රධක්‍රිෂ්ණන්ගේ රියදුරා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අයුතු ඇතුලූවීමේ චෝදනාව මත මොහු අත්අඩංගුවට ගත් බවයි මිරිහාන පොලීසිය ප්‍රකාශ කළේ.
අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරා වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇති අතර එහිදීද ඔහු බීමතින් සිටි බවට අනාවරණ වී තිබෙනවා.
41 හැවිරිදි සැකකරු අද පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.