Gossips

මන්ත්‍රී අරුන්දිකගේ නිවසට ඇතුලූවූ රාජ්‍ය ඇමති වී. රාධාක්‍රිෂ්ණන්ගේ රියදුරා අත්අඩංගුවට

මාදිවෙල මන්ත්‍රිී නිල නිවාස සංකීර්ණයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ නිවසට බීමත්ව අද අලූයම ඇතුලූවූ රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන්ගේ රියදුරා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අයුතු ඇතුලූවීමේ චෝදනාවට මිරිහාන පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ඔහු වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනාවරණ වී ඇත්තේ ඔහු එම අවස්ථාවේ බීමතින් සිට ඇති බවයි.
41 හැවිරිදි සැකකරු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.