Gossips

මන්ත්‍රීවරුන් පිරිසක් අඹගමුව ප්‍රාදේශීය සභා රැස්වීම වර්ජනය කරයි

අඹගමුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අද මාසික සභා රැස්වීම වර්ජනය කරමින් කලු පටි පැළඳ විරෝධයක නිරත වුනා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පවතින ප්‍රාදේශීය සභාවේ රැස්වීම අද ආරම්භ කෙරුනේ උදෑසන 10 ටයි.
සභාවේ කළමණාකාර සහකාරවරයා බීමත්ව හැසිරී තවත් නිලධාරීන් කිහිපදෙනෙකුට තර්ජනය කිරීම පිළිබඳ විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට සභාපතිවරයාගෙන් කළ ලිඛිත ඉල්ලීමට මෙතෙක් පියවරක් නොගැනීම හේතුවෙනුයි ඔවුන් මෙලෙස සභාව වර්ජනය කර ඇත්තේ.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 ක්, පොදුජන පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ සහ නිදහස් සන්ධානයේ මන්ත්‍රවරුන් 3 දෙනෙකු ද අද සභා වාරය වර්ජනය කළා.
අඹගමුව ප්‍රාදේශීය සභාව සභිකයන් 21 දෙනෙකුගෙන් සමන්විත වන අතර රැස්වීම වර්ජනය නොකළ සෙසු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් සභාවේ කටයුතු පැවැත්වුනු බවයි අප වාර්තාකරු කියාසිටියේ.