ජන්ද ක්‍රමය සම්බන්ධයෙන් අවසන් එකගතාවකට පැමිණි පසු පලාත් සභා මැතිවරණය පවත්වන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ ස්වාධින කොමිෂන් සභාවල සභාපතිවරුන්ගේ සහා සමාජිකයන්ගේ වැටුප් සහ දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද පැවති විවාදයට එක්වෙමින්.
මේ අතර, සාපරාධී කාරණාවලදී අන්‍යයෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ඒ සඳහා තුන්වන වර කියවීමේදී පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡුන්ද 95 ක් හිමිවූ අතර, විපක්ෂව හිමිවුණේ ඡන්ද 31 ක් පමණයි.
කෙසේ වෙතත්, ඝණ පූර්ණය නොමැතිවීමෙන් අදත් පාර්ලිමේන්තුව කල් තැබීමට සිදුවුණා.