Gossips

මන්ත්‍රීවරියන්ගෙන් ගන්න අලුත්ම අල්ලස ඇමති රංගේ හෙළිකරයි

නව මැතිවරණ ක්‍රමය හරහා පළාත් පාලන ආයතනවලට පත් වූ මන්ත්‍රීතුමියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන අශිලාචාර ක්‍රමයක් රට තුල නිර්මාණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා.
අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර
‘දැන් මන්ත්‍රීතුමියන්ට තිබෙන ඉල්ලුම හුඟක් වැඩි වෙලා. දැන් මන්ත්‍රීතුමියන්ට කතා කරනවා සමහර උදවිය, මමත් එක්ක ලොකු වැඩක් තියනව කරන්න බරපතල වැඩක් තියෙනවා අපි හම්බෙමු කියලා. අනේ පත් වෙච්ච් මන්ත්‍රීතුමාට කතා කරන්නේ නැහැ. මන්ත්‍රීතුමා තමන් එක්ක සකච්ඡාවේ ඉන්න වෙලාවේ මන්ත්‍රීතුමිය ගෙදර ඉන්නවා නම් එයාට කෝල් එකක් දෙනවා හිමිහිට හම්බෙන්න කියලා. දැන් මේක ලිංගික අල්ලසක් බවට පරිවර්තනය වේගන යනවා. මේ මැතිවරණය ක්‍රමය මහ විගඩම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ‘ යැයි ඇමැතිවරයා කීවේය.
රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහත වීඩියෝවෙන්.
rn