ඩුබායිහීදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් සමඟ සිටි රංගන ශිල්පී රයන් වෑන් රෝයන් භාවිතා කළ බවට සැක කෙරෙන මෝටර් රථයක් මිරිස්ස ප්‍රදේශයේ පදිංචි සන්ෂයින් සුද්දා නමැති පුද්ගලයාට අයත් හෝටලයක තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා.
ඊයේ (08) පස්වරුවේ කළ සෝදිසි මෙහෙයුමක් අතරතුරයි මෙම මෝටර් රථය පොලිසිය සොයාගෙන ඇත්තේ.
කෙසේ නමුත් මෙම මෝටර් රථය වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අයත් බවටයි පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ.
අත්අඩංගුවට ගත් මෙම මෝටර් රථයේ තිබී කේරල ගංජා මිලිග්‍රෑම් 5750ක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.
වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
(ඡායාරූප -වැලිගම තරංග )
