Gossips

මධූෂ් ලංකාවට ගේන්න එපා – පුංචි අම්මා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

ඩුබායි හිදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව රිමාන්්ඞ් භාරයේ සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන ඒම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා.
ඒ, මාකඳුරේ මධූෂ්ගේ සූරියවැව පදිංචි පුංචි අම්මා වන ඩබ්ලිව්.ඒ. ශ්‍රියාණි විසින්.
එමඟින් ඇය, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
මධූෂ්ගේ මව 1989 භීෂණ සමයේ ඝාතනය වී ඇති බවත්, පසුව ඔහු කුඩා කළ සිට රැකබලාගෙන ඇත්තේ අදාළ පුංචි අම්මා විසින්.
පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සහ තවත් පාතාල නායකයින් කිහිප දෙනෙකු මෙන්ම ගායක අමල් පෙරේරා, නදීමාල් පෙරේරා ඇතුළු පිරිසක් ඩුබායිහි තරු පංතියේ හෝටලයක පැවති සාදයකදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය පෙබරවාරි මස 05 වනදායි.
අත්අඩංගුවට ගත් පිරිස මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, ඔවුන් මේ වනවිට ඩුබායි හි බර් ඩුබායි පොලිස් සිරමැදිරියේ රඳවා තිබෙනවා.