Gossips

මධූෂ් ලංකාවට ගෙන ඒම ගැටළුවක් වෙලා

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් මෙරටට ගෙන්වා ගැනීම ගැටළු සහගත වී ඇති බව වාර්තාවනවා.
ඩුබායි රාජ්‍යය ඔහු මෙරටට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් අවසන් නිගමනයක් ප්‍රකාශයට පත් කර නොතිබීම මීට ප්‍රධාන හේතුව වී ඇති බව සඳහන්.
දැනට ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ්, ඔහු මෙරටට පිටුවහල් නොකරන ලෙස එරට රජයෙන් ඉල්ලීමක් ද කර ඇති බවයි වාර්තාවන්නේ.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ මාකඳුරේ මධූෂ් මෙරටට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් නෛතික වටපිටාව පිළිබඳ විමසා බැලීමට අවශ්‍ය බව ඩුබායි රාජ්‍යය ප්‍රකාශ කර ඇති බවයි.
ඒ හේතුවෙන් මාකඳුරේ මධූෂ් මෙරටට ගෙන්වා ගැනීම ගැටළු සහගත තත්ත්වයක පවතින බවයි අදාළ උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.
පාතාල නායක මාකඳුරේ මධූෂ් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ නමකින් පෙනී සිටිමින් ඩුබායි රාජ්‍යය වෙත ගොස් ඇති බවද මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම ඔහු ඩුබායි රාජ්‍යයේ නේවාසික වීසා ද ලබාගෙන ඇති බව සඳහන්.