Gossips

මධූෂ්ගේ පියාගේ දේහයට, ගුවනින් මල් දැමූ යානයට අධිකාරීයේ අවසර

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ පියාගේ අවසන් කටයුතු සඳහා ගුවනින් මල් ඉසීමට යොදා ගත් හෙලිකොප්ටරය සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය හිමි ව ඇති බව හෙළිදරව් වී තිබෙනවා.
පෞද්ගලික ගුවන් සමාගමක් විසින් සිදුකල ඉල්ලීමකට අනුව අදාල අවසරය ලබා දි ඇති අතර, එය මධුෂ්ගේ පියාගේ අවසන් කටයුතු සදහා යොදා ගන්නා බවට සිවිල් ගුවන් සේවා අධිකාරිය නොදැන සිටි බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙකු සදහන් කළේ.
අදාල පෞද්ගලික ගුවන් සමාගමට කොට්ටාව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් නැමැති පුද්ගලයෙකු ක්‍රෙඩිට් කාඩ්පතකින් මුදල් ගෙවා හෙලිකොප්ටරය ලබාගෙන තිබෙනවා.
පසුගිය සෙනසුරාදා ඇඹිලිපිටිය ප්‍රදේශයේදි පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ගේ පියාගේ දේහයේ අවසන් කටයුතු සිදු කෙරුනා.
එහිදි දේහය රැගත් රිය පෙරහරට හෙලිකොප්ටරයෙන් ගුවනින් මල් ඉසිනු ලැබුවා.
එමෙන්ම ඩුබායි රාජ්‍යයේ දැනට සැඟව සිටින බවට සැකකෙරෙන පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් දේහය පිළිබද අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබද වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවී ලෙස නරඹා ඇති බවටයි සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණේ.
කෙසේ වෙතත්, දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා ගුවනින් මල් ඉසීම පිළිබදව පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
හෙලිකොප්ටරය මිලදි ගැනීම සදහා මුදල් ලබා දුන් පුද්ගලයා සහ ඔහුට මුදල් ලැබුනේ කෙසේද යන්න පිළිබදව පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ සමාජිකයෙකු සදහන් කලේ.
මේ අතර, අදාල සිද්ධිය වාර්තා කරන ලද මාධ්‍යවේදින්ගෙන් පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.