Gossips

මධූෂ්ගේ ගෝලයින් සොයා තවදුරටත් මෙහෙයුම්

ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුනු පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ මෙරට සිටින ගෝලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව එහි උසස් නිලධාරියෙකු සඳහන් කළා.
ඔහු සඳහන් කළේ මාකඳුරේ මධූෂ් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් පිළිබඳ තොරතුරු රැසක් ලැබී ඇති බවයි.
මේ අතර පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා මුළුමනින්ම මුදා හැරීමක් හෝ ලිහිල් දඬුවමකට යටත්ව නැවත ලංකාවට පැමිණෙනු ඇතැයි නීතිඥ උදුල් ප්‍රේමරත්න ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ලබන 27 වන දා ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
එමෙන්ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සමඟ තමන් කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත්, ලංකාවට පැමිණි පසු ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන බවත් අමල් පෙරේරා සඳහන් කළ බවයි නීතිඥ උදුල් ප්‍රේමරත්න ඩුබායි සිට හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර, හිටපු පාතල නායක ෆාජිගේ දෙවන බිරිඳ වන සහ පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ වන වෙඩි ප්‍රහාරයට ලක්වූ ආශා ෆාරී හෙවත් කුඩු චූටි තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.