Gossips

මධූෂ්ගේ අනියම් බිරිඳට අයත් මෝටර් රථයක් අත්අඩංගුවට

මධුෂ්ගේ අනියමි බිරිඳට අයත් මෝටර් රථයක් පාදුක්කේ දී දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට
ඩුබායි හිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්ගේ ඩුබායි හි සිටින අනියම් බිරිඳ තිලානි නිෂායා තිලකරත්නට අයත් බව කියන මෝටර් රථයක් පාදුක්ක – පෝරෙගෙදර ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අදාළ මෝටර් රථය සමඟ එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන පාදුක්ක පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා මීට මාස දෙකකට පෙර ඩුබායි සිට මෙරටට පැමිණ ඇති බවයි.