Gossips

මධුෂ් සමඟ ඩුබාහි දී ඇල්ලූ රංගන ශිල්පී රයන් වැන්රූයන් ඇතුලූ 5 ක් කටුනායකදී සී.අයි. ඩී. භාරයට

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හි පැවති සාදයේදී අත්අඩංගුවට ගනු ලැබූ රංගන ශිල්පී රයන් හිලරි වැන්රූයන් ඇතුලූ පස්දෙනෙකු පිටුවහල් කිරීමෙන් පසුව අද අලූයම 5.25ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 226 දරණ යානයෙන් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කිරීම සඳහා ඔවුන් සිය භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුනු පිරිසෙන් 8 දෙනෙකු මීට පෙර ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබුවා.
එලෙස පිටුවහල් කෙරුණු ගායන ශිල්පී නදීමාල් පෙරේරා, ඇන්ඩර්සන් ෆර්ඩිනැන්ඩස්, මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් සහ ලංකා සජිත් පෙරේරා මීට පෙර මුදාහැරුණා.
කෙසේ වෙතත් පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගැනුනු පාතාල නායක කංජිපානි ඉම්රාන්, මාස 3ක් රදවාගෙන ප්‍රශ්න කිරීමටයි අධිකරණය අවසර ලබාදුන්නේ.
එමෙන්ම පිටුවහල් කිරීමෙන් පසුව අත්අඩංගුවට ගැනුනු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර, අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා මෙන්ම අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.