Gossips

මධුෂ් සමඟ අත්අඩංගුවේ සිට පිටුවහල් කළ තවත් අයෙකු අත්අඩංගුවට

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඊයේ පිටුවහල් කළ දෙදෙනාගෙන් 22 හැවිරිදි මොහොමඩ් අෆ්රිඩී නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු දැනට රදවාගෙන ප්‍රශ්න කරනු ලබන ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ බිරිදගේ වැඩිමහල් සහෝදරියගේ පුතු වනවා.
50 හැවිරිදි පියල් පුෂ්පකුමාර රාජපක්ෂ නැමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. එම සැකකරු සූපවේදියෙක්.
ඊයේ අලූයම 5.55 ට එයු.එල්. 226 දරණ ගුවන් යානයෙන් ඔවුන් මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත්තා.
පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් 31 දෙනාගෙන් මේ වන විට 23 දෙනෙක් මෙරටට පිටුවහල් කර තිබෙනවා.
ඒ අතරින් 6 දෙනෙක් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.
එමෙන්ම කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් පතාල නායක කංජිපානි ඉම්රාන් මාස තුනක කාලයක් රඳවා ප්‍රශ්න කරනු ලබනවා.
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ඥාති සොහොයුරෙකු වන නිලාන් රොමේෂ් සමරසිංහ ලබන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එදිනට සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
මේ අතර, තමන් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා මාකඳුරේ මධුෂ් එරට අධිකරණය හමුවේ ගොනු කළ නඩුවේ තීන්දුව ලබාදීම මැයි 2 වන දා දක්වා කල් දමා තිබෙනවා.