Gossips

මධුෂ් ගෙන්වා ගැනීම ගැන සාකච්ඡාවකට ඇමති මාරපන ඩුබායි යයි – පිටුවහල් කළ රංගන ශීල්පී රයන් වැන්රූයන් ඇතුළු පිරිසගෙන් තවදුරටත් ප්‍රශ්ණ කෙරේ

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන දැනට ඩුබායි හි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකදුරේ මදූෂ් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පිටත්ව ගොස් තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකුද අමාත්‍යවරයා සමඟ ගොස් ඇති අතර ඔවුන් ඊයේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය අන්වර් බින් මොහොමඞ් හමු වී ඇති බව සඳහන්.
මෙහිදී විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ලිපියක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් කලීෆා බින් සෙයිඞ් වෙත ලබාදීම සඳහා එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාරදී ඇතිි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේ වෙතත් අදාල ලිපියේ අඩංගු කරුණු එමඟින් හෙලි කර නැහැ.
මේ අතර පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වැන්රූයන් ඇතුලූ පස්දෙනෙකු ඩුබායි බලධාරීන් විසින් මෙරටට පිටුවහල් කර තිබුණා.
අද අලූයම 5.25ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 226 දරණ යානයෙන් ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අතර, අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව භාරයට ගැනීමෙන් පසු එම පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරිම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
රංගන ශිල්පී රයන් වැන්රූයන් සමඟ මෙලෙස දිවයිනට පැමිණියේ 22 හැවිරිදි මොහොමඞ් වෂීම්ඞීන්, 25 හැවිරිදි දිමුතු සුරංග පෙරේරා, 28 හැවිරිදි සුරාජ් කාවින්ද සිල්වා සහ 40 හැවිරිදි කොඩිකාර ආරච්චිගේ චරිත පත්මන් යන අයයි.
ඔවුන් දෙහිවල, කොළොන්නාව, සී¥ව සහ කඹුරුපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
අදාළ සාදයට සහභාගි වී සිටියදී පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඉන් 13 දෙනෙකු මේ වනවිටට මෙරටට පිටුවහල් කර තිබෙනවා.
එලෙස පැමිණි පිරිස අතරින් ගායන ශිල්පී නදීමාල් පෙරේරා, ඇන්ඩර්සන් ෆර්ඩිනැන්ඩස්, මොහොමඞ් සිද්ධික් සියාම් මුදාහැරුණු අතර, ලංකා සජිත් පෙරේරා නැමති සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණේ අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින්.