Gossips

මධුෂ්ගේ සාදයේදී අත්අඩංගුවට ගෙන අද පිටුවහල් කළ දෙදෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි

පාතාල නායක මාකඳුරේ මධුෂ් සංවිධාන කරන ලද උපන් දින සාදයට සහභාගිවී සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතරින් මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ දෙදෙනාගෙන් තවදුරටත් ප්‍රශ්ණ කෙරෙන බව වාර්තා වනවා.
අද අලුයම 5.10 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 226 දරණ යානයෙන් මොවුන් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි අවස්ථාවේදී ප්‍රශ්ණ කිරීම සඳහා රහස් පොලිස් භාරයට ගනු ලැබුවා.
මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි මොහොමඞ් නසීම් මොහොමඞ් ෆයිසාර් සහ කොළඹ 10 ජුම්මා මස්ජීඞ් පාර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මොහොමඩ් මුෆාර් මොහොමඞ් ජබීර් යන අයයි මෙලෙස සී අයි ඩී භාරයට ගෙන ඇත්තේ.
මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී පසුගිය පෙබරවාරි 5 වනදා අත්අඩංගුවට ගත් 31 දෙනාගෙන් 13 දෙනෙකු මීට පෙර ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබුවා.