Gossips

මධුෂ්ගේ සාදයට සහභාගි වී පිටුවහල් කිරීමෙන් පසුව නිදහස් කළ පුද්ගලයෙකුගේ සහයකයින් මාධ්‍යවේදියෙකුට පහර දෙයි

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හි අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව පොලිස් භාරයට ගනු ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු අද අලුයම මුදා හැර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ මොහොමඞ් සිද්ධික් මොහොමඞ් සියාම් නැමති පුද්ගලයා මෙලෙස මුදා හැර ඇති බවයි.
එමෙන්ම ඔහුත් සමඟ පොලිස් භාරයට ගනු ලැබූ ලංකා සජිත් පෙරේරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්න කරනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ අද අලුයම මුදා හැරුණු මොහොමඞ් සිද්ධික් මොහොමඞ් සියාම් නැමැත්තාගේ සහයකයින් පිිරිසක් එම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියෙකුට පහර දී ඇති බවයි.
මේ නිසා මාධ්‍යවේදියාගේ කැමරා උපකරණ කිහිපයකට හානි සිදුව ඇති අතර ගුවන් තොටුපළ පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.