Gossips

මධුෂ්ගේ, ලඩියාගේ ගෝලයින් තුන්දෙනෙකු අල්ලයි

පාතාල නායකයන් වන මාකඳුරේ මධුෂ් සහ අතුරුගිරියේ ලඩියා සමඟ සබඳතා පැවැත්වූ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ රණසිංහ ආරච්චිගේ අසිත හෙවත් බණ්ඩාගෙන් ලද තොරතුරුවලට අනුවයි.
ඒ අනුව හෝමාගමදී අත්අඩංගුවට ගත් ශමිල දේශප්‍රිය නැමති පළමු සැකකරුගේ වයස අවුරුදු 40 ක්.
පිටිපන දකුණ – මොරගහහේන පාරේ පදිංචි 40 හැවිරිදි අනෙක් සැකකරු රුවන්පුරගේ නලින් ගුණරත්න හෙවත් නරියා නමින් හදුන්වන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ඔවුන්ගෙන් ලැබුණු තොරතුරුවලට අනුව අපරාධ කිහිපයකට සම්බන්ධ 29 හැවිරිදි රංජන ප්‍රේමලාල් නොහොත් ෆැන්ටා නැමැති අපරාධකරුද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම – මාගම්මන ප්‍රදේශයේදියි.
ඔහු සතුව තිබී ගිනි අවි දෙකක් සහ පතොරම් 7 ක්ද පොලීසිය සොයාගෙන තිබෙනවා.
ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් අනිද්දා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිවූ බවයි පොලීසිය සඳහන් කළේ.