ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ඥාති සොහොයුරෙකු වන නිලාන් රොමේෂ් සමරසිංහ ලබන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු ඔහු ඇතුලූ තවත් 6 දෙනෙකු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අතර, ගයාන් බුද්ධිම පෙරේරා නැමැත්තා පසුව කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දෙනු ලැබුවා.
