Gossips

මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක්

මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙසට චන්ද්‍රරත්න පල්ලේගම පත්කර තිබෙනවා.
ඔහු සිය පත්වීමේ ලිපිය අද ජනාධිපතිවරයා අතින් ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ අතර ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙසට ජනාධිපති අතිරේක ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන පත්කර තිබෙනවා.
අමාත්‍යංශ කිහිපයක ලේකම්වරයෙකු ලෙසට මෙන්ම අතිරේක ලේකම්වරයෙකු ලෙසට කටයුතු කළ ඔහු අද පෙරවරුවේ සිය පත්වීමේ ලිපිය ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.
මේ අතර කැස්බෑව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙසට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී රජික කොඩිතුවක්කු පත්කර තිබෙනවා.
මීට පෙර ඔහු කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙසට ද කටයුතු කළා.