Gossips

මධ්‍යම තැපැල් හුවමාරුවට එවා තිබූ කොකේන් තොගයේ සැකකරුවන් අත්අඩංගුවට

නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ කොකේන් පාර්සලයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පාර්සලයේ තිබී කොකේන් ග්‍රෑම් 22 කට අධික ප්‍රමාණයක් සොයා ගත් බවයි ශ්‍රී ලංකා රේගුව සදහන් කළේ.
එහි වටිනාකම රුපියල් 330,000 ක්.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මෙම පාර්සලය පසුගිය ජනවාරි මාසයේ මෙරටට එවා තිබුණා.
මෙතෙක් එය ලබා ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන් එය සැකකටයුතු පාර්සලයක් වශයෙන් සලකා රේගු භාරයට ගෙන තිබූ බව සදහන්.
සැකකරුවන් එහි සේවකයෙකුට අල්ලස් මුදලක් ලබාදී මෙම පාර්සලය ලබා ගැනීමට උත්සාහ කර ඇති බවයි වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
මේ අතර, නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමගින් පුද්ගලයින් දෙදෙනෙකු අද උදෑසන කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.