Gossips

මධ්‍යම කඳුකරයේ දැඩි මීදුම් තත්වයක් (ඡායාරූප)

මධ්‍යම කඳුකරයේ පවතින අයහපත් කාලගුණික තත්වයත් සමග ප්‍රදේශය පුරා දැඩි මීදුම් තත්වයක් හටගෙන තිබෙනවා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ හැටන් – නුවරළිය, හැටන් – කොළඹ, හැටන් – මස්කෙළිය, බගවන්තලාව මාර්ගයේත් අවට අතුරු මාර්ගවලත් ගිනිගත්හේන – නෝට්න්බ්‍රිජ් මාර්ගවල මෙම ඝණ මීදුම් තත්වය පවතින බවයි.
මේ හේතුවෙන් එම මාර්ගවල රථ වාහන ධාවනයේදී ඉදිරිපස ප්‍රධාන විදුලි පහන් දල්වාගෙන ගමන් කරන ලෙසටයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ