Gossips

මධ්‍යම කඳුකරයේ ඉඩම් කොල්ලයක් ගැන මහජන පෙත්සමක්

රාජ්‍ය වැවිලි සමාගම්වලට අයත් මධ්‍යම කඳුකරයේ වතු ඉඩම් රජයට නඩත්තු කළ නොහැකි බව පවසමින් උපක්‍රමශීලිව පෞද්ගලික ආයෝජකයන්ට ලබාදීමේ කුමන්ත්‍රණයක් පවතින බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසනවා.
ඊට එරෙහි මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීම මහනුවර ශ්‍රී දළඳා මාලිගාව ඉදිරිපිටදී අද ආරම්භ වුණා.
අනතුරුව එම සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ඇතුළු පිරිසක් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ද බැහැදුටුවා.