Gossips

මධ්‍යම කඳුකරයට තද වැසි – හැටන් නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවේ – (ඡායාරූප)

මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවලට ඇදහැලුණු අධික වැසි හේතුවෙන් හැටන් නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.
එසේම, වැසි ජලය හේතුවෙන් ඇතැම් මාර්ගවල ගමනාගමනයට ද බාධා එල්ල වූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
එසේම, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් මල්ලිඅප්පු ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා මිනිත්තු 40 කට වැඩි කාලයක් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.