මාකඳූරේ මදුෂ් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම වලක්වන ලෙසට ඉල්ලා ඔහුගේ පුංචි අම්මා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ, මාකඳුරේ මධූෂ්ගේ පුංචි අම්මා වන සූරියවැව පදිංචි ඩබ්ලිව්.ඒ. ශ්‍රියාණි විසින් පසුගිය 14 වනදායි මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ.
එමඟින් ඇය, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුනා.
මධූෂ්ගේ මව 1989 භීෂණ සමයේ ඝාතනය වී ඇති බවත්, පසුව ඔහු කුඩා කළ සිට රැකබලාගෙන ඇත්තේ අදාළ පුංචි අම්මා විසින්.
