Gossips

මදුෂ්ගේ අභියාචනයේ තීන්දුව ලබාදීම කල් යයි

තමන්ව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම වලක්වන්නැයි ඉල්ලා ඩුබායි අත්අඩංගුවේ සිටින මාකඳුරේ මදුෂ් ඩුබායි අධිකරණයේ ගොනු කළ අභියාචනයේ තීන්දුව ලබාදීම ලබන මැයි මස දෙවනදා දක්වා කල් දමා ඇතැයි වාර්තාවනවා.
සිය ජීවිතයට තර්ජනයක් ඇති බැවින් තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් මාකදුරේ මධුෂ් ඩුබායි අධිකරණය වෙත නීතීඥයෙකු මාර්ගයෙන් අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් තීන්දුවයි අද ලබාදීමට නියමිතව තිබුනේ.