Gossips

මදුෂ්ගේ අනියම් බිරිඳගේ පුංචි අම්මාගේ නිවසේ තිබූ වාහන දෙකක් STF භාරයට

මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳගේ පුංචි අම්මාගේ නිවසේ තිබියදී අද කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයක් සහ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන තිබෙනවා.
කැළණිය – පමුණුවිල – ගෝනවල ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ සිදුකළ විමර්ශනයකදියි මෙම රථ පොලිස් භාරයට ගෙන ඇත්තේ.
කේ.ඩී.එච්. වෑන් රථය මධුෂ්ගේ අනියම් බිරිඳගේ මවගේ නමින් ලියාපදිංචි කර ඇති අතර, ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය අනියම් බිරිඳගේ බාප්පාගේ නමින් ලියාපදිංචි කර ඇති බව සඳහන්.