Gossips

මදුරෝ යළි වෙනිසියුලාවේ ජනපති වෙයි

වෙනිසියුලාවේ ජනාධිපතිවරයා ලෙස නිකලස් මදුරෝ යළි වසර 06ක කාලයක් සඳහා තේරී පත්ව තිබෙනවා.
ඊයේ (20) නිකුත් ප්‍රතිඵලවලට අනුව ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඔහුට සියයට 67.7ක ඡන්ද ප්‍රතිශතයක් හිමි වූ අතර මදුරෝගේ ප්‍රතිවාදියා වූ හෙන්රි ෆැල්කන්ට හිමිවූයේ සියයට 21.2ක ඡන්ද ප්‍රතිශතයක්.
කෙසේ වෙතත් මෙම ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කර තිබුණේ මුළු ඡන්දදායකයන්ගෙන් සියයට 46ක ප්‍රමාණයක්.
නිකලස් මදුරෝගේ වසර 06ක ධූර කාලය 2019 ජනවාරි මාසයේදී ආරම්භ වීමට නියමිතයි.
වෙනිසියුලාවේ ප්‍රධාන ගැටළුවක් වන ආහාර අර්බුදයට විසදුම් ලබාදීම මොහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තේමාව වී තිබුණා.