Gossips

මදුරෝට එරහිව විරෝධතා පැවැත්වීමට ගුවයිඩෝ සුදානම්

වෙනිසියුලානු විපක්ෂ නායක හුවාන් ගුවයිඩෝ විසින් එරට ජනාධිපති නිකොලොස් මදුරෝට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට සූදානම් වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එළඹෙන සෙනසුරාදා එරට නගර කිහිපයකම මෙම විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට තීරණය කර ඇති බවයි.
කෙසේ වෙතත් එරට ජනාධිපති නිකොලොස් මදුරෝ මෙම ක්‍රියාව දැඩිව විවේචනය කර තිබෙනවා.