Gossips

මදුනාගල අභය භූමියේ දී පුද්ගලයෙකු පතොරම් තුවක්කුවක් සමඟ අත්අඩංගුවට

මදුනාගල අභයභූමියේ – කරඹගල් ආරවැව ආසන්නයේදී සතුන් දඩයමේ නිතරවී සිටි පුද්ගලයෙකු සමඟ පතොරොම් තුවක්කුවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හම්බන්තොට වනජීවි කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී පතොරොම් තුවක්කුව අතැතිව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සමඟ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු පලාගොස් තිබෙනවා.