ගාල්ල – බද්දේගම – ඉදිගස්කැටිය ප්‍රදේශයේදී මදනමෝදක කිලෝග්‍රෑම් 25ක් සමඟින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (21) සිදුකළ වැටලීමකදියි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු 78 හැවිරිදි බද්දේගම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
එමෙන්ම හෙරොයින් මිලිග්‍රෑම් 115ක් සහ හෂීස් මිලිග්‍රෑම් 990ක් සමඟින් ජර්මන් ජාතික කාන්තාවන් දෙදෙනෙකු ඊයේ (21) හැටන් – මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරියන් නුවරඑළියේ සිට කොළඹ දක්වා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
