Gossips

මතුගම – වැලිපැන්නේ රියදුරන් පිරිසක් උපවාසයක

අයිරෝඩ් ව්‍යාපෘතිය යටතේ 2015 වර්ෂයේ මතුගම – වැලිපැන්න – ගබඩාවීථිය ප්‍රදේශයේ ආරම්භ කෙරුණු ව්‍යාපෘතියකට කුලී පදනම යටතේ ලබාගත් වාහනවලට ගෙවිය යුතු මුදල් ලබා නොදීමට විරෝධය පළ කරමින් රියදුරන් පිරිසක් මේ වනවිට උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
කොන්ත්‍රාත් පදනම යටතේ පෞද්ගලික සමාගමක් විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර, මාස කිහිපයක සිට අදාළ කුලී මුදල් ගෙවා නොමැති බවයි රියදුරන් චෝදනා කළේ.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන පෞද්ගලික සමාගමෙන් අප විමසීමක් කළා.
එහි කළමනාකාර අධ්‍යක්ෂ ලක්ෂ්මන් උල්ලදුපිටිය කියා සිටියේ විගණනයකින් පසු අදාළ ගෙවීම් කටයුතු සිදුකිරීමට කටයුතු කරන බවයි.