මතුගම – කළුතර මාර්ගයේ ගල්කඩුව හන්දිය අසළ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මතුගම – වැලිකැටිය ප්‍රදේශයේ පදිංචි මිය ගිය තරුණයා 21 හැවිරිදි අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
ඔහු ගමන් කළ යතුරුපැදියේ වේගය පාලනය කර ගත නොහැකිව පෙරළී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පෞද්ගලික බස් රථයක ගැටී ඊයේ (23) රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබෙනවා.
