Gossips

මතුගම දී ටී-56 ගිනි අවියක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

මතුගම – කටුගහහේන, සොල්දර කඩේ හන්දිය ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සහ ඊට භාවිතා කරන උණ්ඩ 28ක් පිරවූ මැගසිනයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන් ඊයේ (30) සිදුකළ වැටලීමකදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඉන් එක් පුද්ගලයෙකු යුද හමුදා සෙබලෙකු බවට අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සැකකරුවන් මතුගම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.