Gossips

මතුගම දී කාන්තාවක් මිය ගිය සිද්ධියට අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියදුරු රිමාන්ඩ්

මතුගම – දෙහිගස්මුල්ල ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකින් ඇද වැටී කාන්තාවක මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම ත්‍රිරෝද රථයේ රියදුරා ලබන 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔහු අද පස්වරුවේ මතුගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය 29 වන දා මෙම සිද්ධිය සිදුව තිබූ අතර, අත්අඩංගුවට ගත් රියදුරා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
ත්‍රිරෝද රථයෙන් ඇද වැටුණු කාන්තාව රෝහල් ගත නොකර ඔහු මතුගම නගරයේ අතුරු මාර්ගයක දමා පළා ගොස් තිබුණා.
පසුව සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මිය ගිය කාන්තාවගේ ඥාතීන් ඇතුළු පිරිසක් මතුගම නගරයේ උද්ඝෝෂණයක නිරත වුණේ ප්‍රධාන මාර්ග ද අවහිර කරමින්.