Gossips

මතුගම – කොළඹ සුඛෝපභෝගී බස් රථ වර්ජනයක්

මාර්ග අංක 430 – මතුගම – කොළඹ, සියලුම සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ අද (19) පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත්වී තිබෙනවා.
පසුගිය සෙනසුරාදා පාසල් සිසුවෙකු බස් රථයකින් බැසීමට යාමේදී ඇද වැටීමෙන් තුවාල ලැබීමේ සිද්ධියක් මුල් කරගනිමින් එම බස් රථයේ රියදුරාට සහ රිය සහයකට ප්‍රදේශවාසීන් පහරදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් තුවාල ලැබූ බස් රථයේ රියදුරා සහ සහයකයා මේ වනවිට අගලවත්ත – පිඹුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර, පහරදීම සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමිනුයි මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.