Gossips

මතින් නිදහස් රටක් වැඩසටහන කඩිනම් කිරීමට උපදේශක සභාවක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරිය පිහිටුවන තෙක් එම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සභාවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ, ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ යෝජනාව අනුමත කරමින්.
මතින් නිදහස් රටක්, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.