Gossips

මත් පෙති ජාවාරමක සුළමුල හෙළිවෙයි

හිරු සී.අයි.ඒ හරහා ඊයේ අප අනාවරණ කළේ ප්‍රබල වේදනා නාශකයක් ලෙස පිළිකා රෝගීන්ට හා මානසික රෝගීන්ට ලබාදෙන ඖෂධ මත් පෙති ලෙස අලෙවි කරන ජාවාරමක් පිළිබඳවයි.
හිරු සී.අයි.ඒ සමග එක්වූ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තැරැව්කරුවෙකු මාර්ගයෙන් මත් පෙති මිලදී ගැනීම සූක්ෂම ලෙස සිදුකළේ එම ජාවාරම හසුකර ගැනීම සඳහායි.
ඉන් අනතුරුව පුත්තලම – මදුරන්කුලිය ප්‍ර දේශයේ පිහිටි මත් පෙති ජාවාරම්කරුගේ නිවස වටලනු ලැබුවේ එම තැරැව්කරුගෙන් ලද තොරතුරු මතයි.
එම අවස්ථාවේදී ප්‍රහාරයක් එල්ල කර සැකකරු පලායාමට ගත් උත්සහය නිලධාරීන් දැඩි පරිශ්‍රමයකින් වළකාගත්තේ මෙලෙසින්.