Gossips

මත්ස්‍ය මිල ඉහළට

නත්තල් සමයත් සමඟ වෙළඳපොළේ මත්ස්‍ය මිල ඉහළ ගොස් තිබෙනවා.
රුපියල් 120ත්, 150ත් අතර පැවති බලයා මත්ස්‍ය කිලෝවක මිල මේ වන විට පවතින්නේ රුපියල් 400ත්, 450ත් අතරයි.
එමෙන්ම රුපියල් 400ත්, 450ත් අතර පැවති කෙලවල්ලා මාළු කිලෝවක මිල මේ වන විට රුපියල් 600ත්, 650ත් අතර ඉහළ ගොස් තිබෙනවා.
පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ධීවරයින් මුහුදු යාම අඩුවීම මීට හේතුව වී ඇති බව සඳහන්.